Gossip

නින්දේ දී පාට පාට හීන දකින බූවල්ලා – වීඩියෝ

නින්දේදී රූපාන්තරණය වන බූවල්ලෙක් පිළිබද අපූරු පුවතක් අමෙරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

රූපාන්තරණය වෙමින් සිරුරේ වර්ණය වෙනස් කිරීමේ හැකියාව බූවල්ලන්ට ආවේණික ලක්ෂණයක් ඔවුන් මේ විදියට වර්ණයන් වෙනස් කරන්නේ ආපදාකාරී අවස්ථාවලදී සතුරන්ගෙන් ආරක්ෂාව වීම සඳහායි.

ඒ වුණාට මේ බූවල්ලා ගොඩක් වෙනස් කෙනෙක් . මේ බූවල්ලාට නින්දේදී වර්ණය වෙනස් කිරීමේ හැකියාවක් පවතිනවා.
අමෙරිකාවේ ඇලෙස්කා හි පැසිෆික් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥයන් නිරීක්ෂණය කර ඇත්තේ නිසලව නින්දේ පසුවන විට පවා මේ බූවල්ලා වර්ණය වෙනස් කරන බවයි.විද්‍යාඥයන් පවසන්නේ නින්දේදී එම සත්ත්වයා සිහින දකිනවා විය හැකි බවයි.

යම් හෙයකින් සත්‍ය වශයෙන්ම මෙම ගැහැණු බූවල්ලා සිහින දකින්නේනම් එය ඓතිහාසික සිදුවීමක් වනු ඇති බවට ඔවුන් ප්‍රකාශ කරනවා. ඔවුන් තවදුරටත් පවසන්නේ මෙය අපූරු අත්දැකීමක් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!