දිනක් තුල චීනයේ කොරෝනා වෛරසය ආසාදිතයන් 78 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව දෙවන කොරෝනා රැල්ලක් නැවතත් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබෙනවා.
එම පිරිසෙන් 74 දෙනෙකුම පිටතින් වෛරසය ආසාදනය වී පැමිණි අයයි.
කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 3277 ක් ලෙස සටහන් වන අතර එරට මුළු ආසාදිත සංඛ්‍යාව 81,000 කට අධිකයි.
පසුගිය සති කිහිපය තුල චීනයේ නව කොරෝනා ආසාදිතයන් අඩුවීමක් දක්නට ලැබුණා.
