අවුරුදු 12ක් වයසැති ශ්වසන රෝගයකින් පෙළෙන දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අවුරුදු පනස් හතරක් වයසැති එක්දරු පියකු සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ පෙරේදා (21 දා) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට ලක්වූ දැරිය සැකකරුගේ ලේලිය වන අතර සැකකාරිය ඇයගේ නැන්දාය. එම දැරිය පස්වන වසරේ ඉගෙනුම ලබන අතර ශ්වසන රෝගයෙන් පෙළීම නිසා මාසිකව වෛද්‍ය සායනයකින් ප්‍රතිකාර ලබන දැරියකි. දැරියගේ නැන්දා විසින් ඇයට යෝගට් එකක් දී නිවසට කැඳවාගෙන ගොස් ඇත. පසුව ඇයගේ ස්වාමිපුරුෂයා විසින් දැරියට අතවර කර ඇත. සිද්ධිය පිළිබඳව දැරිය ඇයගේ මවට පැවසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය විසින් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කැර ඇත. සැකකරු සහ සැකකාරිය වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති ජේ. සී. ඒ. බ්රැසිල් කුමාර මහතා විසින් පරීක්ෂණ පවත්වයි.