දහසය හැවිරිදි බාලවයස්කාර දැරියක් දුෂණයට ලක්කල දෙදරු පියෙකු 22 දා රාත්රි අත්අඩංගුවට ගත්බැව් පොලිසිය පවසයි.
සැකකාර පුද්ගලයා විසින් මෙකී දැරිය දුෂණයට ලක්කිරීමෙන් පසු ඔහුගේ මිතුරකුටද දැරියගේ ජංගම දුරකථනයේ අංකය ලබාදී ඇත. පසුව සැකකරුගේ මිතුරාද මෙම දැරිවිය සමග හාද වී ඇය අපයෝජනයට ලක්කොට ඇතිබැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එම සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙකී දැරිය පසුගිය දෙසැම්බර් මාසයේ පැවති අ.පො ස. (සා. පෙළ විභාගයට පෙනී සිටීම සඳහා පාඩම් කරමින් සිටියදී සැකකරු දැරියගේ නිවසට පැමිණ ඇත. එම අවස්ථාවේ දැරියගේ මව්පියන් නිවසේ සිට නැති අතර ඔවුන් කුළී වැඩ කිරීම සඳහා ගොස් ඇත. නිවසේ සිට ඇත්තේ දැරියගේ සිව් හැවිරිදි නැගණිය හා බාල සහෝදරයන් දෙදෙනා පමණි. සැකකරු විසින් එම සහෝදරයන් දෙදෙනා තම නිවසේ ඇති විඩියෝ පටියක් රැගෙන ඒම සඳහා පිටත්කොට යවා ඇත.
පසුව සැකකරු විසින් සිව් හැවිරිදි දැරියගේ ගෙල මිරිකා මරණ බවට තර්ජනය කොට 16 හැවිරිදි දැරිය තම ග්රහණයට ගෙන ඇය දුෂණයට ලක්කොට ඇති බැව් පොලිසිය පවසන්නේ
