Gossip

“නාවික යුවළකගේ මාස 13ක සිගිත්තා ඇතුළු දරුවන් දෙදෙනාටම වෛරසය ආසාදනය වෙලා”

කොරෝනා ආසාදිතයන් බවට ඊයේ හදුනා ගත් රෝගීන් හත් දෙනා අතරින් 6 දෙනකුම නාවික හමුදා සාමාජිකයන් වේ.
අනෙක් පුද්ගලයා එක් නාවික හමුදා සෙබළකුගේ සමීපතමයකු බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
කොරෝනා වෛරසය ආසාදනයවූවන් 563 දෙනකු මේ වන විටත් වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් සිටිති.
මේ අතර නාවික යුවළකගේ වයස මාස 13 ක් වූ සිගිති දරුවාට සහ ඔවුන්ගේ වැඩිමල් දරුවාටද ඊයේ වන විට කොරෝනා වෛරසය වැළ`දී තිබෙන බව අනාවරණය කරගෙන තිබිණි..
කොරෝනා ආසාදිතයන් බවට ඉකුත් 5 වැනිදා සදහන් කරනු ලැබූ ජාතික රෝහලේ වෛද්‍යවරිය සහ රාජගිරියේ මෙන්ම කොළොන්නාවේ පුද්ගලයාද ආසාදිතයන් නොවන බව පෙරේදා (6) වන විට තහවුරු වී තිබුණු අතර ඒ අනුව නිරෝධායනයට ලක්කර සිටි ඔවුහු සියලූ දෙනා ඊයේ (7) නිවෙස් වෙත යැවීමට ආරක්‍ෂක අංශ කටයුතු කළා.
මෙරට කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගනු ලැබූ පිරිස අතරින් 400 ක් පමණ දෙනා වැලිසර නාවික හමුදා කදවුරේ රණවිරුන් සහ ඔවුන්ගේ සමීපතමයන් බව හෙළි වී ඇත.
මේ අතර නාවික හමුදාවේ කොරෝනා ආසාදිත පළමු රණවිරුවා පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයෙන් හදුනා ගැනීමත් සම`ග හුදකලා කෙරුණු අභයපුර ගම්මානය දින 15 කට පසු ඊයේ යළි විවෘත කෙරුණා.
නාවික හමුදා රණවිරුවාට කොරෝනා ආසාදනය වී තිබෙන බව හෙළි වීමත් සමග පොළොන්නරුව අභයපුර ගම්මානය ඇතුළු ගම්මාන 11 ක් හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළා.
කොරෝනා ආසාදනය වීමෙන් මේ දක්වා මෙරටදී සිදුවී ඇති මරණ සංඛ්‍යාව 9 කි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!