Gossip News

දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අද (12) සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

කාබුල් නුවර ෂෙර් ෂාහ් සූරි දේවස්ථානයට ප්‍රහාරය එල්ල වී තිබෙන අතර එම අවස්ථාවේදී එහි දේව මෙහෙය පැවැත්වූ ආගමික නායකයා සහ යාඥාවලට සහභාගී වී සිටි තිදෙනකු මියගිය බව ඇෆ්ගන් බලධාරීහු කීහ. තවත් පිරිසක් මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූහ.

කිසිවකුත් ප්‍රහාරය වගකීම බාරගෙන නොතිබූ අතර කෙසේ නමුත් මෙම ප්‍රහාරය හෙළාදකිමින් තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!