යුරෝපයේ සිට චිනයට ආනයනය කරන ලද සැමන් මත්ස්‍යයින්ගෙන් බිජිං අගනුවර පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය පැමිණෙන්නට ඇති බව ඇතැමුන් පවසනවා.
සැමන් මත්ස්‍යයින් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේ නිරත සේවකයින් 06 දෙනෙකුට වෛරසය වැළදී ඇති බවට Xinfadi වෙළද සංකීර්ණයේ සිදුකළ පරීක්ෂණ වලදී හදුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් යුරෝපයෙන් ආනයනය කළ සැමන් මත්ස්‍යයින් මගින් කොරෝනා වෛරසය බීජිං අගනුවර ව්‍යාප්තවූ බවට සාධනීය සාධකයක් මේ දක්වා හමු නොවූ බවයි චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කර සිටින්නේ.
මේ තත්ත්වය නිසා යුරෝපයේ සිට සැමන් මත්ස්‍යයින් ආනයනය කිරිම චීන බලධාරින් විසින් මේ වන විට තාවකාලිකව තහනම් කොට තිබෙනවා.
