ලොව හැම රටක්ම කතාකරන දෙයක් තමයි වායු දූෂණය කියලා කියන්නේ. මේක දැන් ලෝකෙටම ප්රශ්නයක් වෙලා.
හැබැයි මේ තත්වය ඇති කරගෙන තියෙන්නෙත් මිනිස්සුම තමයි.
අපේ රටේ වුණත් වැඩි වශයෙන් වායු දූෂණය ගැන කතාබහට ලක්නොවුනත් පසුගියදා මහනුවර නගරයේ වායු දූෂණය ගැන කට්ටිය කතා කරන්න පටන් ගත්තා.
කොහොමවුනත් ඉන්දියාවයි ශ්රී ලංකාවයි අතර දිල්ලියේදී පැවති ටෙස්ට් ක්රිකට් තරගයේදී අධික දුමාරයක් එල්ල වීමත් සමග වායු දූෂණය ගැන ගොඩක් කතා වුණා.
මේ හින්දා ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියානු ක්රීඩකයෝ කිහිපදෙනෙකු පවා ලෙඩ වුණා කියලයි ආරංචි වුණේ.
ලෝකයක් බලා හිටපු මේ සිද්ධිය ඉන්දියාවට වුණු ලොකු අපකීර්තියක් කියලා තමයි බොහෝ දෙනා අදහස් පළ කරලා තිබ්බේ.
දිල්ලිය කියන්නේ ලොව වායු දූෂණය වැඩිම නගරයක්.මේ නිසා පහුගිය දවසක් වල දිල්ලියේ පාසල් කිහිපයකුත් වහලා දාලා තියෙනවා.
ඒ විතරක් නෙමෙයි හුස්ම ගන්න අමාරු වෙලා ඇස්වල පපුවේ ලෙඩ හැදුනු ගොඩක් දෙනෙක් ප්රතිකාර ගන්න රෝහල් ගත වෙලා තිබුණා.
කොහොමවුණත් දිල්ලි නගර බළධාරින් මේ තත්වයට පුංචි පිලියමක් හොයාගෙන.
වායු දූෂණය පාලනය කිරීමේ අරමුණින් ඉන්දීය රජය නව උපකරණයක් අත්හදා බලාලා.
අධිවේගයෙන් ජලවාෂ්ප විදින මෙම යන්ත්රයෙන් වායු දූෂණය අඩුකරගන්න පුලුවන් වේවි කියලා බළදාරීන් විශ්වාසය පළ කරනවා.
මේක හරි ගියොත් දිල්ලි නගරය පුරාවට මෙම යන්ත්ර ස්ථාපනය කරනවා කියලත් බළධාරීන් කියලා තියෙනවා.





