Gossip

සැවොම පුදුමයට පත් කරමින් ටීනා දරුවෙකු බිහි කරයි

ලෝකය බිහිවෙන්නේ හිරුගේ රශ්මියෙන් හා මව් කිරි වලින්. ඒ ලෝකය පවතින්නේ ගැහැණිය හා පිරිමියකුගේ එකතු වීමකින් කිව්වොත් නිවැරදියි.දසදහස් ගණනක් දිනකට මිය යද්දී දසදහස් ගණනක් දිනකට උපදිනවා. ඒත් මේ ලෝකේ බොහෝ පවුල් දරුවන් නැතිව දුක් වෙනවා. මේ කියන්න යන්නේ ඒ වගේ දරු සුරතල් බලන්න ආසාවෙන් හිටපු දෙමාපිය යුවළකට වෙනත් යුවළකගේ ඩිම්බ හා ශුක්‍රාණු එකතුවෙන් බිහි වුණු බිළිඳියක් ගැන.

ලෝකයම කතා කරන්න හේතුව වුණේ මේ කළලය ටීනා ගිබ්සන්ගේ ගර්භාශයේ වැඩමින් දරුවා ප්‍රසුත වූ නිසා නොවෙයි. ඒ මූලික අවස්ථාවේ කළලය(embryo)වර්ෂ 24ක් අධි ශීතකරණයේ තිබී ඉන් පසුව ටිනාගේ ගර්භාෂයේ තැන්පත් කළ නිසයි.

වසර විසිපහකට ආසන්න කාලයක් අධි ශීතකර තැබුණු මූලික අවස්ථාවේ කලලයක් මගින් දරුවෙකු බිහි වීමේ මේ පුවත වාර්තා වන්නේ එක්සත් ජනපදයෙනුයි. මේ බිළිදියට අයත් මූලික අවස්ථාවේ කළලය (embryo) ඩිම්බ බැංකුවකට ලබා දී තිබෙන්නේ ඇමරිකානු යුවලක් විසින්. මේ මූලික අවස්ථාවේ කළලය ඩිම්බ බැංකුවට ඔවුන් ලබා දී ඇත්තේ මිට වර්ෂ 24කට පෙරයි. මෙම කළලය ඩිම්බ බැංකුවකට ලබා දෙන විට ටිනාගේ වයස අවුරුදු එකහාමාරක් බවත් සදහන්.

ශීතකරණයේ තබා තිබු එම කලලය ටිනාගේ ගර්භාෂයේ තැන්පත් කර ඇත්තේ මාර්තු මාසයේදීයි. එම කළලය වර්ධනය වී බිළිදියක ලෙස මේ ලොව එලිය දුටුවේ මේ වසරේ නොවැම්බර් මාසයේ දීයි. ඇයට එමා ව්රෙන් ගිබ්සන් නම තැබුණු අතර මේ වන විට ඇය සුවයෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.

“මුලික අවස්ථාවේ කළලය මගේ ගර්භාෂයේ තැන්පත් වෙනකොට මට අවුරුදු විසි පහයි, මේ කළලය ඩිම්බ බැංකුවට ලබා දෙනකොට මට වයස අවුරුදු එකහාමාරයි. ඒ කාලෙම මේ කළලය දරුවකු වුණා නම් ඇය සහ මම හොඳම යාළුවෝ වෙන්නත් ඉඩ තිබුණා. නමුත් ඇය දැන් මගේ දියණිය..ඒ වගේම කියන්න ඕන මට ඕන කළේ දරුවෙකු විතරයි. ඒක ලෝක වාර්තාවක් ද නැද්ද කියන දේ මට වැදගත් නැහැ..”යනුවෙන් මේ වනවිට විසි හය වෙනි වියේ පසුවන ටීනා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

“මගේ දුව එමා ඇත්තටම අපිට නම් පුදුමයක්.. අවුරුදු 24ක් ශීතකරණයේ කළලය තිබුණත් අපිට නම් දුව ඉපදෙනකොට වෙනසක් තිබුණේ නැහැ. එයා ලස්සනයි. සාමාන්‍ය දරුවෙක් වගේමයි..”එහෙම කියන්නේ දියණියගේ පියා වූ ගිබ්සන්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!