Gossip

මුරණ්ඩු ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොඳුරු බොලිවුඩ් දඟකාරිය – Photos

ඇය බොලිවුඩයට පා තබන්නේ අහම්බයෙනි. එහෙත් බොලිවුඩයේ කිං ඛාන් සමඟ රබ්නේ බනාදි ජොදිහි රඟපාමින් බොලිවුඩයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට තරම් සමත්කම් පෑවාය.
ඉන් නොනැවතුණු ඇය තම දස්කම් එකින් එකට ගෙනහැර පාමින් බොලිවුඩ් තිර විවිධාකාරයෙන් වරණ ගන්වීය.
එනයින්ම අනුෂ්කා බොලිවුඩයේ දඟකාරියවූවාය.
ඉන්දීය ක්‍රිකට් පිළ ලෝකය පුරාම ජනප්‍රියත්වය දිනාගත්තකි.
එහි නායකයා ලෙස වසර ගණනාවක් පුරා තම දක්ෂතා පෙලහැර පාමින් රැගෙන විරාත් කෝලි ක්‍රීඩා ලෝලීන්ගේ වීරයාය.
ක්‍රිකට් පිටියේ මුරණ්ඩුකම් පාන විරාත්ගේ මුරණ්ඩු දෑස බොලිවුඩයේ දඟකාරියගේ රැව අභියස නතර විය.
තම හිත ඇයට ආදරය කිරීම නවතන්නට විරාත්ට හෝ ඔහුගේ මුරණ්ඩු හිතට පෙම් බඳින්නට තම දගකාර හිතට නීති දැමීමට අනුෂ්කාට නොහැකි විය.
මේ නිසාම තම පෙම්වත්කම් සඟවා ගන්නට ඔවුනට නොහැකි විය.
විරාත් ලෝකයේ කොහේ ක්‍රීඩා කළත් තමාට විවේකයක් ලැබුණු විගසම ඔහු සොයා යන අනුෂ්කාගේ දඟකාර බව සැබෑ ලෝකයේදීද එලෙසම විය.
එමෙන්ම ඇය ලෝකයේ කොහේ රූගත කිරීමක සිටියද තමාට විවේකයක් ලැබුණු විගස ඔහු ඇය සොයා යයි.
බොම්බේ වෙල්වට් චිත්‍රපටය ලංකාවේ රූගත කරද්දීද විරාත් අනුුෂ්කාගේ ආදරයේ මිහිර සොයා පැමිණීම ලාංකික අපිටනම් රහසක්නොවීය.
මේ ප්‍රේම කතාව කෙටි ආයුෂ ඇති එකක් වේ යැයි බොහෝ දෙනා සිතුවද ඒ සැමගේ සිතුම්වලට නිමාව තබමින් මේ දෙපළ ඉතාලියේදී විවාහ දිවියට එළඹුණහ. එය සැබෑ දිවියේදී ඔවුන් කළ මුරණ්ඩු දඟකාරකමක් විය.
සුන්දර වර්ණයෙන් මනාළ යුවල මෙන්ම අවට පරිසරයද සරසා තිබුණේ ඉතාමත් සුන්දර මංගල උළෙලක සිරිගෙනමිනි.
රෝස මල්වලින් මනාළිය මෙන්ම අවට පරිසරයේ සැරසිලිද කර තිිබිණි.
සම්ප්‍රදායික වර්ණවලින් හා සම්ප්‍රදායික රන් ආබරණවලින් බැහැරව එහෙත් චාරිත්‍රවලට මුල්තැන දෙමින් කෙරුණු මෙම විවාහය පවුලේ හිතුවතුන් පමණක් සහභාගී වූ එකකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!