Gossip

“ලිවින් ටු ගෙදර් සංකල්පය නම් මරු” – දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර්

හිමායා බණ්ඩාර කියනවාට වඩා සොනාලී ටීච කිව්වමනම් කවුරුත් දන්නවා. මේ ඇය සමග කළ කතාබහක්.

1. හිමායා අපි කතාව අතීතයෙන් පටන් ගමුද, වර්තමානයේන් පටන් ගමුද?
ම්ම්ම්ම්ම්. මෙහෙම කරමු, වෙනසකටත් එක්ක අපි අනාගතයෙන් පටන් ගමු.

2. හරි එහෙනම් හිමායගේ අනාගතය කොහොම වේවිද?
මෙහෙමයි. අර පරණ කතාවක් තියනවනේ වදාරන්න කලින් හදාරන්න කියලා. ඉතිං මම මේ දවස්වල හදාරනවා. බොහොම සියුම්ව හා බරපතල විදියටම.

3. මොනවද ඒ තරමටම හදාරන්නේ?
මගේ හීනයක් තිබුනා කවදාහරි නිර්මාණවේදිනියක් වෙන්න. ඉතිං මම ඒ වෙනුවෙන් අවැසි දැනුම ලබාගන්න ඩිප්ලොමා පාඨමාලාවක් හැදැරුවා. නිතර නිතර විවිධ අධ්‍යක්ෂකවරයන් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතිං ඒ හරහාත් මම ප්‍රයෝගිකව දැනුම ලබා ගන්නවා. අනාගතේ දවසක සමාජයට දැනුම දෙන්න පුලුවන් නිර්මාණශීලි වැඩකින් හම්බවෙමු.

4. හරි ඒ කියන්නේ හිමායා අනාගතයේදී අධ්‍යක්ෂකවරියක්. දැන් කියන්න වර්තමානයේ මොකද වෙන්නේ?
මේ දවස්වල නම් දෙවනි ඉනිමේ රූගතකිරීම් දිගටම තියනවා. තව පිටරට සංචාර කීපයකට ආරාධනා ලැබිලත් තියනවා. ඒවට සූදානම් වෙන් ගමන් තමයි ඉන්නේ.

5. මුහුණු පොතේ සමහරු කියලා තිබුණා මේ වගේ ගුරුවරු දැක්කාම ආයෙමත් ඉස්කෝලේ යන්න හිතෙනවා කියලා?
අනේ හොදයි. මුහුණු පොත දිහා බැලුවාම පේනවා සමහරු නම් ආයෙමත් ඉස්කෝලේ යවන්න ඕන කියලා.

6. තරහ ගිහිල්ලා වගේ?
තරහා නොයනවාම නෙවෙයි. ඒත් මම හිතන්නේ මිනිස්සු බුද්ධිමත්. ඇත්ත මොකක්ද කියලා තීරණය කරන්න තරම්. මම දැක්කා මගේ ගැනත් දාලා තිබුනා .සමහර ඒවා කියවද්දී නම් හිනා යනවා.

7. කොහොමද මේ කටයුතු මැද ආදරයට තියන තැන?
ජීවිතේ වැඩිම තැනක් තියෙන්නේ ආදරයට තමයි.අම්ම තාත්තා,සහෝදර සහෝදරියෝ,රසික රසිකාවියෝ මේ හැමෝගෙන්ම ආදරය ලැබෙනවා.

8. එතකොට හිමායා කියන්නේ අපි ඒ උත්තරෙන් සැහීමකට පත් වෙන්න ඕන කියලද දැනට?
ඔව්.ඔබ බලාපොරොත්තු වෙන විදියේ උත්තරයක් දෙන්න තවම කෙනෙක් නැ.

9. අතීතයටත් යමු නේද?
හ්ම්…මම මාධ්‍ය ඉගෙනගත්තේ රූපවාහිනීකරණය පිළිබඳ ජාතික පුහුණු ආයතනයෙන්. ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් විදියට කාලයක් වැඩ කරා. දැන් නම් නිවේදක තනතුරට පොඩි විවේකයක් දීලා තියෙන්නේ.

10. දෙවනි ඉනිමේ තියෙන්නේ බොරුව වර්ණවත් කිරීමක් කියලා සමහරු චොදනා කරනවා?
ඉරිසියාවට ඕනම කෙනෙකුට කැමති දෙයක් කියන්න පුලුවන්. මම දන්න දේ තමයි එතෙක් මෙතෙක් ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත ටෙලිනාට්‍ය තමයි දෙවනි ඉනිම කියන එක.

11. විවාහය මොන කාලෙක වගේ සිදුවේවිද?
ඒකට දෙන්න තියන උත්තරේ තමයි යතා කාලයේ තතා අයිරින් සිදුවේවි කියන එක.

12. ගොඩක් අය දැන් ලිවින් ටුගෙදර් සංකල්පය ගැන කතා කරනවා.
පෙරදිග සංස්කෘතික ලක්ෂණ තියන අපි ඒ සංකල්පය ගැන දෙවතාවක් හිතන්න ඕන. නමුත් මම පුද්ගලිකව ඊට කැමතියි. එකෙන් කියවෙන්නේ නැ මම ලිවින්ටුගෙදර් ඉන්නවා කියලා. ලිවින් ටු ගෙදර නම් මරු. අම්මා උයන රස කෑම කකා ඉන්න පුලුවන්

උපුටා ගැනීමකි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!