Gossip

මතින් සිහි විකල් වූ සීයා, කුලියාපිටියේ පුංචි මල් කැකුළට කරපු අහස පොළව නුහුලන අපරාධය – Photos

කුලියාපිටිය පහළ බෝහිංගමුව ප‍්‍රදේශයේ නිවසක ඊයේ රාත‍්‍රියේ(21) නිදා සිටි වයස අවුරුදු 3 මාස 8ක පමණ බිළිඳියකගේ සිරුර යාබද ඉඩමක පිහිටි වගා ළිඳක පාවෙමින් තිබියදී පියා විසින් සොයාගෙන තිබූ බව කුලියාපිටිය පොලීසිය පවසනවා.
එලෙස මියගොස් තිබුණේ අලගියවන්න මොහොට්ටාලලාගේ ලකීශා ලක්දුලී අලගියවන්න නැමති වයස අවුරුදු 3 මාස 8ක සිඟිති දියණියක්.
සීයා විසින් යාබද ඉඩමේ ළිඳට විසිකළ බවට සැකකෙරන බිළිඳිය පියා විසින් ගොඩ ගෙන කුලියාපිටිය මූලික රෝහලට ගෙනයන විටත් මියගොස් සිටි බවට කුලියාපිටිය පොලීසිය පැවසුවා.
පෙරේදා(20) රාත‍්‍රියේ බිළිඳියගේ මවගේ මව වන මිත්තනිය විදෙස්ගතවීමේ සූදානමක් සම්බන්ධව ඇගේ ස්වාමිපුරුෂයා වන සැකකාර බිළිඳියගේ සීයා දිගින් දිගට බහිම්බස් වීමක් සිදුවූ බවත් එහිදී බීමතින් සිටි බව කියන සැකකාර සීයා පවුලටම හොඳ පාඩමක් උගන්වන බව කී බවත් පසුව තමන් බිළිඳිය යහන මත නිදිකරවා පස්වරු 7.30 ට පමණ පිටත්ව ගිය බවත් බිළිඳියගේ පියාගේ මව වූ පාඨශාලාචාරිනියක් වන හැරියට් පේ‍්‍රමලතා මහත්මිය පැවසීය.
මියගිය බිළිඳියගේ පියා වූ අලගියවන්න මොහොට්ටාලලාගේ රසික පේ‍්‍රමරත්න මහතා පැවසුවේ තමන් මවගේ නිවසට ගොස් මල්ලී සමඟ ත‍්‍රිරෝද රියෙන් පැමිණෙන විටත් බිරිඳත් බිරිඳගේ මව කරුණාවතී යන අයත් පාර දිගේ දැරිය නිවසේ නොමැති බව පවසමින් පැමිණෙනු දුටු බවත් තමන් සහෝදරයා සමඟ දැරිය සෙවූ බවත් ඒ වන විටත් වෙනමම කාමරයක වෙනදාට නිදාගන්නා බිරිඳගේ පියා වූ සැකකරු නිවසේ පිටුපස මුලූතැන්ගේ ඉදිරියේ වැලි පොලවේ නිදාසිටි බවත් ය.
දැරිය පිළිබඳව බිරිඳගේ පියාගෙන් විමසීමක් කළද ඔහු ‍ඇසෙන් නැති ලෙස සිටි බවත් පසුව තමන් ජංගම දුරකතනයේ ආලොකයෙන් දැරිය සෙවීමේදී යාබද ඉඩමේ වගා ළිඳෙහි මුහුණ යටට සිටින සේ පාවෙමින් සිටි දියණිය දුටු බවත් තමා වාහා ළිඳට පැන දැරිය ගොඩගෙන රෝහල් ගත කිරීමට පියවර ගත්තත් තම උත්සාහය ඒ වනවිටත් ව්‍යර්තව තිබූ බවත් පැවසීය.
පෙරේදා රාත‍්‍රියේ නිවසේ වූ තත්ත්වයත් එහිදී බීමත්ව සිට ඇති බිරිඳගේ පියා විසින් කළ තර්ජනයත් හේතුවෙන් බිරිඳගේ පියා මෙම මරණයට සෘජුවම සම්බන්ධ බවට සැකකරන බව පවසන දැරියගේ පියා දැරිය ගැන විමසීමේදී මුණිවත රැකි ආකාරය පිළිබඳව සිතීමේදී හා වැලි පොලවේ නිදා සිටීම ආදිය සැලකීමෙදී ද එය තහවුරු වන බවද වාර්තා වෙයි.
කුලියාපිටිය පොලිසිය සිද්ධිය වාර්තාවීමත් සමඟම අදාළ ස්ථානයට පොලිස් ආරක්‍ෂාව සළසා ඇත.
දැරියගේ සීයා කුලියාපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණ.
දැරිය නිදා සිටියදී හැඳ සිටි බව කියන කමිසය ළිඳෙන් ගොඩගන්නාවිට නොතිබීම සම්බන්ධයෙන්ද පුළුල් පරීක්‍ෂණ ආරම්භ කළ බව කුලියාපිටිය පොලීසිය පවසයි.
කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරන, සහකාර පොලිස් අධිකාරි ජාලිය හීංකෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් අපරාධ ස්ථාන පරීක්‍ෂක කොට්ඨාසයේ උප පොලිස් පරීක්‍ෂක සිරිසෝම ඇතුලූ නිළධාරීන් පිරිසක් පරීක්‍ෂණ පවත්වයි.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!