සීමා පවත්වාගෙන නොගොස් සමාජ දුරස්ථකරණය බිඳ වැටුණහොත් නව කොරෝනා වසංගත පාලනය කර ගැනීමට නොහැකි බැරූරුම් තත්වයකට රට පත්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසනවා.
එහෙයින් සංචරණ සීමා පවත්වා ගැනීම සඳහා විකල්ප හඳුනාගැනීම අවශ්‍ය බවත් එසේ නොමැති ව සංචාරණ සීමා ඉවත් වීම අනතුරුදායක බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
රට තුළ අලූතෙන් මතුව ඇති තත්ත්වය හමුවේ අවදානම් අඩු දිස්ත‍්‍රික්ක නොමැති බවත් සඳහන් කළ හෙතෙම රෝග තත්ත්වය පාලනය කර නැවත සමාලෝචනය කරන තුරු සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම උචිත යැයි ද පැවසීය.
ඒ සඳහා ඇඳිරි නීතිය හෝ වෙන මොන යම් නීතියක් හෝ අත්‍යවශ්‍ය බවත් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා සඳහන් කළේය.
ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පදනම් කරගනිමින් නිවසින් බැහැරට යෑමට ඉඩ සැලසීමේ ක‍්‍රියාවලිය ප‍්‍රායෝගික එකක් නොවන බවත් ඉන් සිදු වන්නේ නිවසේ සියලූ දෙනා සමාජයට නිරාවරණය වී රෝගයට විවෘත වීම පමණක් බවත් හෙතෙම සඳහන් කළේය. මෙම රෝගය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථකරණය අත්‍යවශ්‍යය කාරණයක් බැවින් ඒ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීම සියලූ පාර්ශවයන්ගේ වගකීම බවත් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
