යළි විවෘත කෙරෙන කාර්යාලවල සේවකයන්ගේ ගමන් පහසුව සැලසිමට ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සේවාව විධිවිධාන සැලසිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ඒ අනුව බස් රථ පන්දහසක් හා දුම්රිය ගමන්වාර හාරසීයක් ලබන 20 වැනිදා සිට ධාවනයේ යෙදවිමට අදාළ ආයතන දැනටමත් පියවර ගෙන අවසන්.
කොවිඩ් – 19 වෛරස මෙරට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීමේ අරමුණින් රජය මාර්තු මස 20 වැනිදා සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවනු ලැබුවේය.
ඒ අනුව දෛනිකව ප්‍රවාහනය කළ පොදු ප්‍රවාහන සේවය ද සම්පුර්ණයෙන්ම නවතා දැමුණි.
කෙසේ වෙතත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කටයුතු අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට දැනටමත් සැළසුම් දියත් කර අවසන්.
ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළේ, රජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ අත්‍යාවශ්‍ය සේවා සඳහා බලපත්‍ර හිමි කාර්යය මණ්ඩලවලට ප්‍රවාහන පහසුකම් සැලසිම සඳහා පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කරන බවයි.
ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍යෙයන් එදිනෙදා ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සංඛ්‍යාව පන්දහස ඉක්මවයි.
එම බස් රථ යළි භාවිතයට ගැනිම සඳහා මේ දිනවල විෂබීජහරණය සිදු කරනවා.
සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව මගීන් 25 දෙනකු පමණක් බස් රථයකයට සීමා කර තිබෙනවා.
මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බොහෝ පිරිසක් භාවිත කරන දුම්රිය සේවය ද සම්පුර්ණයෙන්ම නවතා දමා අදට (18) දින 30ක්.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙරට සතු දුම්රිය 400 අතුරින් කාර්යාල දුම්රිය පමණක් 20 වැනිදා සිට ධාවනයේ යොදවන බවයි.
ඒ අනුව දුම්රිය ස්ථානයකට පැමිණෙන මගින් ප්‍රවේශ පත්‍ර මිලදි ගැනිමේදි , දුම්රිය වේදිකාවේ රැඳි සිටිමේදි හා දුම්රිය මැදිරි තුළදි මිටරයක දුර පවත්වාගත යුතු වේ.
එමෙන්ම දුම්රිය මැදිරියක එකවර ගමන් කළ හැක්කේ මගින් 50 දෙනෙකුට පමණක් වන අතර සියලු දෙනා මුඛ ආවරණ පැලඳිම අනිවාර්යයි.
එසේම දුම්රිය ස්ථාන පරිශ්‍රෙය් , දුම්රිය මැදිරි හා දුම්රිය මාර්ගයට කෙල ගැසිම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අතර එලෙස සිදු කරන පුද්ගලයින්ට අධිකරණය ක්‍රියාමාර්ග ගැනිමට නියමිතයි.
කැස්ස , උණ , සෙම්ප්‍රතික්ෂාව ඇති පුද්ගලයෙක් නම් දුම්රිය සේවය භාවිත නොකරන ලෙස ද ජනතාවගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
එසේම දුම්රිය මැදිරි හා පරිශ්‍රයන් තුළ සිඟමන් යැදිම හා අනවසර වෙළඳාම් කිරීමද සම්පුර්ණයෙන්ම තහනම්.
