අම්බලන්ගොඩ, උඩුවරාගොඩ ප්‍රදේශයේ දී නත්තල් දා (25) රාත්‍රී දුම්රියක ගැටී පුද්ගලයකු මියගොස් තිබේ. මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කමලා වගආරච්චි මහත්මිය විසින් සහ පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඞී. ඩබ්ලිව්. එන්. අයි. එස්. ප්‍රනාන්දු මහත්මිය විසින් පෙරේදා (26 දා) බළපිටිය මූලික රෝහලේ දී පවත්වන ලදී.
හදිසි මරණ පරීක්ෂණයේ දී මියගිය අයගේ බිරිඳ වන මහරඹගේ චන්ද්‍රාංගනී (45) මහත්මිය ඇතුළු කිහිප දෙනෙක් සාක්ෂි දුන් අතර හෙළි වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාව අනුව හදිසි මරණ පරීක්ෂකවරිය විසින් විවෘත තීන්දුවක් ලබා දී මියගිය අයගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස දැනුම් දුන්නාය. මියගිය අය මත්පැන් පානය කිරීම සඳහා යම් ස්ථානයකටද ගොස් තිබෙන බැවින් එම ස්ථානයේදී යම් ගැටුමක් ඇති වී තිබේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන ලෙසද හදිසි මරණ පරීක්ෂකවරිය අම්බලන්ගොඩ පොලිසියට නියෝග කර තිබේ. මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, කහව, උඩුවරාගොඩ ලිපිනයේ පදිංචි නීල් ශාන්ත (52) නමැති අයයි. කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මොහු මියගොස් තිබෙන බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.