මාසයකට වැඩි කාලයක් වසා දමා තිබූ රජයේ මත්පැන් හල් පසුගිය 20 වැනිදා හදිසියේ ම විවෘත කිරීමෙන් රජය දිළිඳු පවුල්වලට ලබා දුන් පන්දහසේ සහනාධාරය, රජය විසින්ම වක‍්‍රව යළි ලබා ගෙන ඇතැයි අනුරාධපුර නගරය අවට කාන්තා පිරිස් පවසති.
රටේ පවතින වසංගත රෝග තත්ත්වය හේතුවෙන් අසරණ වී සිටින දිළිඳු පවුල්වලට රජය විසින් දෙන ලද රුපියල් පන්දහසේ දීමනාව ලබා දුන් දිනයේදීම මත්පැන්හල් නැවත විවෘත කිරීම නිසා තම ස්වාමිපුරුෂයන් එම මුදලට මත්පැන් රැගෙන නිවෙස්වලට පැමිණි බව ද කාන්තාවෝ පිරිසක් මෙහිදී පැවැසූහ.
මත්පැන් පානය කළ පුද්ගලයන් ඔවුන්ගේ ඡායාරූප සහ, පැවැති සාදවල ඡුායාරූප විශාල ප‍්‍රමාණයක් එදින සමාජ මාධ්‍යවලට මුදා හැර තිබීමත්, රූපවාහිනී නාලිකා මගින් මත් පැන්හල් අසල දිගු පෝලිම්වල දර්ශන පෙන්වීමත් මගින් රටේ සෑම ප‍්‍රදේශයකම මෙවැනි ගැටලූකාරී තත්වයක් මතුව ඇතැයි යන්න ගම්‍ය වන බව එම කාන්තා පිරිස පවසති.