ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 239ක් වාර්තා වී තිබෙනවා. මේ අනුව මෙරට දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයින් පිරිස 7,185ක් දක්වා ඉහළ යනවා.
මේ අතරින් 1,040 දෙනෙකු මිනුවන්ගොඩඇඟලුම් කම්හලේ සාමාජිකයින් වන අතර සෙසු අයවලුන් සියල්ල පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ හා එහි ආශ්‍රිතයින් වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.