Gossip

දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කළ 400ක් හඳුනාගනී – අලුත්ම විස්තරය මෙන්න

කොවිඩ් -19 රෝගියෙකු ලෙස හඳුනා ගැණුනු ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයින් 400 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩී.ඒ රන්දෙනිය මහතා සඳහන් කළේ අදාළ කාන්තාව සේවය කළ ආයතනයේ පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බවය.
අදාළ පිරිස ඉදිරියේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
නැවත දැනුම්දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති.
මේ අතර බෙම්මුල්ල, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා සංචරණ සීමා පැනවීමට ද පියවර ගෙන තිබේ.
මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!