සියයකට වැඩි කාලයකට පසුව වියට්නාමයෙන් කොරෝනා ආසාදිතයන් සිවු දෙනෙකු වාර්තා වී තිබේ.
ඒ සමගම වියට්නාමය යළිත් වරක් දැඩි කොරෝනා මර්දන නීති හඳුන්වා දී තිබේ.
කොරෝනා වසංගතය සැබෑ ලෙස මර්දනය කළ රට ලෙස මෙතෙක් ලොව පුරා ගෞරවයට පාත්ර වූ වියට්නාමයේ කොරෝනා රෝගීන් 415 ක් පමණ මීට පෙර වාර්තා වුවද කිසිදු මරණයක් වාර්තා නොවීය.
දින සියයකට අධික කාලයකට පසුව මෙම නව රෝගීන් වාර්තාවී ඇත්තේ එරට දේශීය සංචාරක ආකර්ෂණයක් වූ ඩානාන් නමැති මුහුදුබඩ ප්රදේශයෙනි.
මෙම නව රෝගීන් අතරින් එක අයකුගේ තත්ත්වය බරපතලය. ඔහු 57 හැවිරිදි වියෙහි පසුවන අතර දැනට වෙන්ටිලේටරයක ආධාරයෙන් දිවි රැකගෙන සිටින බව සඳහන්ය.
ඔහු නගරයෙන් පිටතට ගොස් නොමැති අතර ඔහුට කෙසේ රෝගය බෝවූයේ ද යන්න ගැටලූවක් බව වියට්නාම බලධාරීහු පවසති. ඔහු ළඟින් ඇසුරු කළ සියයකට වැඩි පිරිසක් කොරෝනා පරීක්ෂාවට ලක්කර ඇතත් ඒ කිසිවකුට කොරෝනා රෝගය වැළඳී නොමැත.
