Gossip

දින තුනක් ඇතුලත වැඩිම අසාදිතයන් වාර්තා වෙයි.

මේ වන විට ලොව පුරා රටවල් හා කලාප 212 ක පැතිර යමින් පවතින කොරෝනා වෛරසය ආසාදනය වුවන් දෙලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඉකුත් සෙනසුරාදා (09දා ) සිට අද (11දා) දහවල් දක්වා වූ කාලය තුළ අලුතින් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ලොව පුරා රටවලින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව හතලිස් ලක්ෂය ඉක්මවා ගියේ ඉකුත් සෙනසුරාදා වන අතර එතැන් සිට අද දක්වා කාලය තුළ අලුතින් කොරෝනා වෛරස් ආසාදිතයින් එක් ලක්ෂ අනු හතරදහස් හයසිය  දෙනෙකු (4,194,600 ) (අද දහවල් 1.50 වන විට ) වාර්තා වී තිබේ. මේ අනුව මේ වන විට ලොව පුරා  රටවලින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව හතලිස් එක්‌ ලක්ෂ අනුහතර දහස් හයසියයකි.

මෙම ආසාදිතයින්ගෙන් බහුතරය වන දහතුන් ලක්ෂ හැට හත්දහස් හයසිය තිස් අට දෙනෙකු ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබේ.

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!