Gossip News

” දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 3000ක් කරන්න පුළුවන්”

මෙරට දැනට දෛනිකව සිදු කරනු ලබන කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනාගැනීමේ “පී.සී.ආර් ” පරීක්ෂණ සංඛ්‍යාව අවශ්‍යතාවයක් මතු වුවහොත් 3000 දක්වාද වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. විශ්ව විද්‍යාල පද්ධතියද මේ වන විට මෙම පරීක්ෂණ සිදු කිරීම නිසා මෙසේ දිනකට සිදු කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට හැකියාව ලැබී ඇති බව ඔහු කීවේය.

“පී.සී.ආර් “පරීක්ෂණ 1397 ක් සිදු කළ බවත්  සිදු කරනු ලබන පරීක්ෂණ සංඛ්‍යාවට සාපේක්ෂව ආසාදිතයින් හමු වනුයේ සුළු වශයෙන් බව පෙන්වා දෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා තවදුරටත් දිනකට සිදු කෙරෙන සාමාන්‍ය “පී.සී.ආර් “පරීක්ෂණ සංඛ්‍යාව 1500 මටටමේ දිගටම පවත්වාගෙන යන බව අවධාරණය කළේය.

“මෙම “පී.සී.ආර් “පරීක්ෂණවලට ලක් කරනුයේ කුමන කණ්ඩායමද යන්න එළඹෙන තත්ත්වයන් මත තීරණය කරනු ලැබේ. බස්නාහිර පළාතේ කොරෝනා වෛරසය පැතිරීමේ තත්ත්වය මේ වන විට පාලනය කර ඇති අතර එය සියයට  සියයක්ම පාලනය කර ඇති බව තවමත් කිව නොහැකිය. මේ වන විට බස්නාහිර පළාතේ “පී.සී.ආර් : පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් දිනකට සිදු කරනු ලබන අතර විවිධ අවදානම් කණ්ඩායම් තෝරා ගෙන ඒ අනුව මේ පරීක්ෂන සිදු කෙරේ. මෙහිදී පාලනය අප අතින් ගිලිහි  ගොස්  නැති අතර පාලනය අප අතට  ගෙන ඇති බව වගකීමෙන්  ප්‍රකාශ කළ හැකි යැයි වෛද්‍ය ජාසිංහ සඳහන් කළේය. චීනයෙන් පරිත්‍යාග ලෙස ලැබුණු පරීක්ෂණ කට්ටල මෙන්ම භාවිත කරන කුමන “පී.සී.ආර් “පරීක්ෂණ කට්ටලයක් වුවද ඒවායේ නිරවද්‍යතාවය පිළිබඳව නිරන්තරයෙන් පරික්ෂා කිරීම සිදු වීම නිසා සිදු කෙරෙන පරීක්ෂණවල ප්‍රතිඵල පිළිබඳව සැහීමකට පත්   වන බව වෛද්‍ය ජාසිංහ කියයි .කෙසේ වුවද රෝගය පාලනය කිරීම සඳහා බලපාන ප්‍රධානතම සාධකය වනුයේ මහජනතාව විසින් තවදුරටත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම බව ඔහු අවධාරණය කළේය.

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!