ඇල්පිටිය, අටකොහොට ප්‍රදේශයේදී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
ඝාතනයට ලක්වු පුද්ගලයා ඊයේ(06) සිය බිරිඳගෙන් දික්කසාද වී ඇති අතර එදින රාත්‍රි අදාළ පුද්ගලයා තියුණු ආයුධයක් රැගෙන ඇයගේ නිවසට පැමිණ තිබෙන බවට වාර්තා වෙනවා.
එම අවස්ථාවේදි අදාළ කාන්තාව සහ ඇයගේ මව විසින් ඔහුට මුගුරකින් පහර දී තිබෙනවා.
මියගොස් ඇත්තේ නවදගල කුමාරසිංහ මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනයට සම්බන්ධ 28 හැවිරිදි සහ 59 හැවිරිදි සැකකාරියන් දෙදෙනා අද(07) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.