Gossip

“දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා.”දැඩි තීරණ නොගතහොත් තත්ත්වය බරපතළ විය හැකියි” – වෛද්‍යවරුන්ගේ අනතුරු ඇඟවීම

කඩිනමින් නව ක්‍රමවේදයක් යටතේ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනයට පියවර නොගතහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, සමාජ ව්‍යාප්තියක අභියසට ලංකාව පැමිණ ඇති බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඉතාම සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා..
ඒ වගේම බරපතළ අවදානමක් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. වෙනත් වචනවලින් කිව්වොත් අපිට ඉතා පැහැදිලිව පේන්න තියෙන දේ තමයි සමාජ ව්‍යාප්තියක් කියන සාධක සැළකීමේ දී සමාජ ව්‍යාප්තියක් අභියසට ලංකාව ඇවිත් තියෙනවා කිව්වොත් නිවැරදි.
ඊයේ දිනයේ දීත් ලංකාවේ රෝගීන් 300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා.
ඒ රෝගීන්ගෙන් අති බහුතරය සමාජය තුළින් තමයි වාර්තා වෙලා තියෙන්නේ.
සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා.
මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. අපි මේ අරන් තියෙන ක්‍රියාමාර්ග නම් ගන්නේ, රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සම්බන්ධයෙන් අපිට යම් භයානක තැනකට තමයි යන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම ඉදිරි මාස 2ක තුළ අසාමාන්‍ය ඉහළ මරණ ගානක් බලාපොරොත්තු වෙන්න වෙනවා රටක් විදියට අපි අද දවසේ හරි තීරණ ගත්තේ නැත්නම්.
අවධානම් දිස්ත්‍රික්ක 5ක් අපි හඳුනාගෙන තියෙනවා.
කොළඹ, ගම්පහ, කළුතර, ඊට අමතරව අපි ගත්තහම කෑගල්ල සහ කුරුණෑගල නමුත් තව දිස්ත්‍රික්ක කිහිපයක දැන් අවදානම් තත්ත්වයක් මතුවෙමින් තියෙනවා. අපි කියන්නේ ඒ තත්ත්වයක් පාලනය කිරීමට නම් මේ දිස්ත්‍රික්ක 5 තුළ දිස්ත්‍රික් මායිම් සම්බන්ධයෙන් යම් සීමා පැනවීමක් සිදුවිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකායටත් අපි යෝජනා කරලා තියෙනවා. මේ තීරණ ප්‍රමාද වීම තුළ රටට භයානක ප්‍රතිඵල ලැබීමට නියමිතයි.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!