ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇත.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු මිනුවන්ගොඩ ඇගලුම් කම්හලෙහි සේවය කරන ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව අනාවරණය වී ඇත.
ඔහු ඇසුරු කළ සෞඛ්‍ය කාර්ය සහායකයින් 7දෙනෙකු නිරෝධානය කිරීමටත් එම ඒකකයේ සේවයෙහි නිරත වෛද්‍යවරුන් 30 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයෙහි 70 දෙනෙකු පමණ දෙනා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කර ඇත.
මෙම රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකයෙහි සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකුට මීට පෙර කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරුවී ඇත.
එම වෛද්‍යවරයා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලෙහි සේවිකාවන් පිරිසකට පෞද්ගලිකව ප්‍රතිකාර ලබාදී ඇති අතර එම සේවිකාවක් කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.
වෛද්‍යවරයා සේවය කළ ඒකකයේ 17 දෙනෙකු නිරෝධානයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර කාර්ය මණ්ඩලයේ පිරිසක් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
