තම පෙම්වතිය මොනරාගල තිස්ස පාරේ පිහිටි නිවාඩු නිකේතනයක රඳවාගෙන නිවාඩු නිකේතනයේ කළමනාකාරවරයෙකුගේ සහාය ඇතිව පිටස්තර පුද්ගලයින්ට ඇය මුදලට අලෙවි කළ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සහ නිවාඩු නිකේතනයේ කළමනාකරු මොනරාගල පොලීසිය මඟින් පෙරේදා (20) මොනරාගල අත්අඩංගුවට ගෙන ඇත.
ලිංගික අතවරයන්ට ලක්වූ දාහත් හැවිරිදි තරුණිය හා ඇයගේ පෙම්වතා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
තරුණයා විසින් ඇයව මොනරාගල තිස්ස පාරේ පිහිටි නිවාඩු නිකේතනයකට මීට සතියකට පෙර කැඳවාගෙනවිත් කාමරයක නතරවී ඇත.
පසුව නිවාඩු නිකේතනයේ කළමනාකරුගේ සහාය ඇතිව ඇයව රුපියල් 2,000 සිට 5,000 දක්වා මිල ගණන්වලට තරුණයන්ට ලබාදී ඇත.
සිද්ධිය පිළිබඳ පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතා විසින් උපාය දූතයන් යොදවා සැකකාර තරුණයා,නිවාඩු නිකේතනයේ කළමනාකරු සහ තරුණිය අත්අඩංගුවට ගෙන ඇත. තරුණියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇයට සිදුවූ අතවර පිළිබඳ පොලීසියට ප්‍රකාශයක් සිදුකර ඇත.
නිවාඩු නිකේතනයේ කළමනාකරු සහ තරුණියගේ පෙම්වතා මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අතවරයන්ට ලක්වූ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් පිට මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
