Gossip

දහතුන් හැවිරිදි පෙම්වතිය ඝාතනය කළ 22 හැවිරිදි පෙම්වතා.. ”තිරිවාන කැටිය ප‍්‍රදේශයේ හෝටලයක රැයක් ගත කරලා”

මීට වසරකුත් මාස 10 කට පමණ ඉහතදී අභිරහස් ලෙස මියගිය 13 හැවිරිදි බාලවයස්කාර දැරියකගේ ඝාතනය සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයකු රත්නපුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

2018.10.01 වැනි දින මෙකී බාලවයස්කාර දැරියගේ මළ සිරුර ගාල්ල දඩැල්ල කනත්ත ඉදිරිපිට වැටකෙයියා ගසක එල්ලෙමින් තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය. දැරිය අභිරහස් ලෙස මිය යෑම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලිසියට හැකිවී ඇත. දුරකථන වාර්තා විශ්ලේෂණය කොට දීර්ඝ විමර්ශනයකින් පසු දැරියගේ ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමට පොලිසියට හැකිවී ඇත.

පොලිසිය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.

මියගිය බාලවයස්කාර දැරිය ගොඩකවෙල පල්ලේබැද්ද බඹරගල ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා රත්නපුර රෝහලේ ආරක්ෂකයකු ලෙස සේවය කොට ඇත. මෙකී බාලවයස්කාර දැරිය රෝහලට පැමිණි අවස්ථාවක සැකකාර තරුණයා විසින් දැරියට තම ජංගම දුරකථන අංකය ලබාදී ඇත. පසුව බාලවයස්කාර දැරිය 2018.09.28 වැනි දින තරුණයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමන් හමුවීමට එන ලෙස දන්වා ඇත. එදින දෙදෙනා තිරිවාන කැටිය ප‍්‍රදේශයේ හෝටලයක

රැයක් ගත කොට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මොවුන්ට මුදල් නොමැතිකම නිසා බාලවයස්කාර දැරියගේ කරාබු ජෝඩු 02 ක් රත්නපුර ප‍්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස් කොට රුපියල් 11000 ක මුදලක් ලබාගෙන ඇත. පසුව මොරටුව කඳවල ප‍්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන එහි දින 02 ක් ගත කොට ඇති අතර කාමර කුලිය වශයෙන් රුපියල් 6000 ක මුදලක් ලබාදී ඇත. පසුව මොවුන් දෙදෙනා බස් රථයක නැග ගාල්ල මහ මෝදරට පැමිණ ඇත.

බාලවයස්කාර දැරියක් නිසා විවාහ වීමට නොහැකි බව තරුණයා පවසා ඇත. දැරිය ගෙදර යෑමට නොහැකි බව පවසා ඇත. එහෙනම් දෙදෙනාම එකට මිය යමු කියා කථිකා කරගෙන ඇත. තරුණයා විසින් අසල කඩයකින් පැනඩෝල් 12 ක කාඞ්පත් 05 ක් ගෙනවිත් ඒවා කුඩු කර තිබේ. දැරිය අත තිබූ ප්ලාස්ටික් බෝතලය කපා පැනඩොල් කුඩු වතුර සමග මිශ‍්‍ර කොට දෙදෙනාම පානය කොට ඇත. තරුණයා පැනඩෝල් මිශ‍්‍ර කුඩු අඩුවෙන් පානය කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

පසුව බාලවයස්කාර දැරිය සිහිසුන් වී ඇත. පසුව සැකකාර තරුණයා විසින් දැරියගේ බෑගයේ තිබූ සායකින් රෙදිපටියක් සකසාගෙන තොණ්ඩුවක් සදාගෙන ඇත. දැරිය වැටකෙයියා පඳුර මතට රැගෙන ගොස් තොණ්ඩුව දැරියගේ ගෙල මතට තබා තල්ලූකොට ඇති බව පොලිසිය පවසයි. දැරියගේ දෙපා බිම වැදෙන නිසා සැකකාර තරුණයා එසේ නොවන අයුරින් පස් ඉවත් කොට ඇති බවද පොලිසිය පවසයි. මේ නිසා මොහුගේ ශරීරයේ පෙනුමද වෙනස් වී ඇති බව පොලිසිය පවසයි. ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති දිනේෂ් ද සිල්වා මහතා වෙත මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිණිගේ මහතා උපදෙස් දී ඇත. ඒ අනුව පොලිස් පරීක්ෂණ දිනේෂ් නිශාන්ත ද සිල්වා ඇතුළු නිලධාරීන් දුරකථන විශ්ලේෂණ වාර්තා උපයෝගි කරගෙන සැකකාර තරුණයාගේ දුරකථන අංක සොයාගෙන ඒ ඔස්සේ කරනු ලැබූ විමර්ශනයට අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!