අද මගේ ජීවිතයේ වඩාත්ම කනගාටුදායක දිනයයි. වෛද්‍යවරයකු වශයෙන් මම බොහෝ ගර්භනී කාන්තාවන් සමඟ කටයුතු කර ඇත්තෙමි.
මම සූතිකාගාරයේ සිටින සෑම අවස්ථාවකම, සියලු මව්වරුන් ආරක්ෂා කර ආශීර්වාද කරන ලෙසට දෙවියන් වහන්සේට යාඥා කරමි.
දරු ප්‍රසූතියේදී කාන්තාවකගේ වේදනාව නොඉවසිය හැකි එකකි. මාස නවයක් තිස්සේ දරුවා දරාසිටීම පමණක් නොව නව ජීවිතයකට උපත ලබාදීමද භාරදූර කාර්යයක් වේ.
මේ කියන එදින අපට එක් කාන්තාවක් අහිමි විය. අප මහත් කම්පනයට පත් වුණෙමි. එවැනි දේ කිරීමට අපි දෙවියන් වහන්සේට නොකියමු. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ඇයට මෙම තත්වය උදා වූයේ ඇයි?
ඇය අවුරුදු 14 ක් දරුපල අහිමිව සිට ඇති අතර එන්නත් සහ කෘතිම සිංචනය ඇතුළු සියලුම ප්‍රතිකාර අපි අත් හදා බැලුවෙමු.
අවසානයේ දී, දෙවියන්ගේ කැමැත්ත පරිදි, ඇයගේ ඩිම්බ කෝෂවල විශාල ගෙඩියක් තිබුණද, වෛද්‍ය විද්‍යාවේ හා විද්‍යාවේ සියලුම සංසිද්ධි න් පරයා ඇය ජය ගත්තාය.
ඇය ගර්භණීව සිටියදී මෙම ගෙඩිය දිය වීමට පටන් ගත් අතර සියල්ල හොඳින් විය. දරු ප්‍රසූතියේදී ස්වාමිපුරුෂයා මා වෙතට පැමිණියේය. පැය හතක් වෙහෙස මහන්සි වී සිදු කල සැත්කමෙන් පසු ඇය තම දරුවා දෑතින් ඔසවාගෙන සිනාසෙමින් මෙලොවින් නික්ම ගියාය .
මව මිය ගිය අතර දරුවා ජීවතුන් අතර තනිවිය.ඇගේ සැමියා ඇගේ මරණය දැනගත් පසු ක්ලාන්ත වී ඇද වැටුනේය.
මෙම ප්‍රීතිමත් දිනය ඛේදවාචකයක් බවට පත් වූයේ එසේය.
කරුණාකර කාන්තාවන්ට ගරු කරන්න, මන්ද ඔවුන් පුරා මාස නවයක් ඔබට ජීවිතයක් ගෙන ඒමට අනේකවිධ වේදනා විඳින අතරම, ඉතාම අසිරු ප්‍රසූත වේදනාවද දරාසිටී.
ඇය වෙනුවෙන් ඔබේ දරුවා රැක බලාගැනීමට නිදිවර්ජ රාත්‍රියක් ගත කිරීම ඇය වෙනුවෙන් කළ හැකි විශාලතම පරිත්‍යාගයයි.
ඔබ කිසියම් හේතුවක් නිසා ඔබේ මව සමඟ කතා නොකරන්නේ නම් කරුණාකර දැන් ඇය හමුවන්න.ආදරය කරන්න. ඇයව තේරුම් ගන්න. කාන්තාවන් කෙරෙහි ඔබේ ආදරය පෙන්වන්න සහ ඔවුන්ට ගරු කරන්න.
