Gossip

“දරුවන් 25 දෙනෙකුට වස දීලා. එක් දරුවෙක් මියගිහින්.” – දරුවන්ට වස දුන් ගුරුවරියට අත්වුණු ඉරණම

සිය ළදරු පාසලේ දරුවන්ට වස දී එක් දරුවකු ඝාතනය කළ ගුරුවරියකට මරණ දඬුවම නියම කර ඇති බව චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
ඇය දරුවන් 25 දෙනකුට වස දී තිබේ. මරණයට පත් වී ඇත්තේ ඒ අතරින් එක් දරුවෙකි. පසුගිය වසරේ චීනයේ ජ්‍යො-ෂෝ නගරයේ ළදරු පාසලක මෙම සිද්ධිය වී ඇත. වැන් යුන් නම් මෙම ගුරුවරිය දරුවන්ට උදෑසන ආහාරය වශයෙන් කැඳ වර්ගයක් ලබා දී තිබේ. ඉන්පසු දරුවන් රෝගී වී ඇති අතර ඔවුන් රෝහල්ගත කරනු ලැබීය.
අධිකරණය ප්‍රකාශ කරන්නේ ඇය දරුවන්ගෙන් පළිගැනීම පිණිස එම ආහාරයට සෝඩියම් නයිට්‍රයිට් මිශ්‍ර කර ඇති බවය. වැන් යුන් නින්දිත හා දරුණු තැනැත්තියක බව අධිකරණයේ අදහසය. 2019 වසරේ මාර්තු 27 වැනිදා මෙම අවාසනාවන්ත සිද්ධිය සිදු වී තිබිණි.
මුළු චීනයම ඉන් කැලඹී ගිය අතර ජගත් මාධ්‍යවල සිරස්තල අතර එයට ප්‍රධාන තැනක් හිමි වූයේය. උදෑසන ආහාරය ගත් දරුවන් 25 දෙනකු වමනය කිරීමට හා ක්ලාන්තයට පත් වී තිබිණි. පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වූයේ අදාළ ගුරුවරිය ඔවුනට වස දී ඇති බවයි.
අධිකරණ නඩු විභාගයකින් අනුතුරුව ජ්‍යො-ෂෝ හට මරණීය දණ්ඩනය නියම කරන ලදී. අධිකරණය පවසන පරිදි ඇය තවත් ගුරුවරියකගේ ශිෂ්‍යයන්ගේ කැඳ බඳුනටද සෝඩියම් නයිට්‍රයිට් කලවම් කිරීමට කටයුතු කර ඇත. සෝඩියම් නයිට්‍රයිට් බොහෝ විට යොදා ගැනෙන්නේ මස් වැනි ආහාර පිසීමේදී මිශ්‍රකාරකයක් වශයෙනි. නමුත් අධික මාත්‍රාවලින් ගත් විට මෙය විෂ වේ.
චීනය ප්‍රකාශ කරන්නේ එම ගුරුවරිය මිනිසුන්ට වස දීමට තැත් කළ මුල් වතාව මෙය නොවන බවයි. මීට පෙර වතාවකදී ඔන්ලයින් ක්‍රමයට නයිට්‍රයිට් ලබාගෙන මීට පෙර ඇය සැමියා ඝාතනය කරන්නත් උත්සාහ කරලා දරා තිබිණි. නමුත් එම අවස්ථාවේදි ඔහු උග්‍ර විෂ තත්ත්වයකට ලක් නොවී ගැලවෙන්නට සමත් වූයේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!