දරුණු ලෙස ලිංගික අතවරයකට ලක්ව මියගිය දස හැවිරිදි දැරියගේ මව ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධගාර ගත කිරීමට නියෝග කළේ පුත්තලම කුරුණෑගල මාර්ගයේ ආසිරිගම පෞද්ගලික පොල් 90 වත්තක තාවකාලිකව පදිංචිව සිටි දැරියගේ මව වන පෙට්ටගේ ගීතා ජීවනී (39) නමැති අයයි.
ඉකුත් 16 දා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 10 හැවිරිදි දැරිය මියයෑමේ සිද්ධියේ කරුණු වසන් කිරීම හේතුවෙන් එම දැරියගේ මව පොලිස් අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මහෙස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇත. මෙම කාන්තාවගේ අනියම් ස්වාමිපුරුෂයා අතින් දරුණු ලෙස ලිංගික අපයෝජනයට ලක්වී ඇති මෙම දැරිය අධික රුධිර වහනය නිසා ඇති වූ කම්පනයෙන් මියගියේය. පුත්තලම අධිකරණය මගින් සිද්ධියට සම්බන්ධ දැනට ප‍්‍රදේශයෙන් පලාගොස් සිටින දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් 18 වැනිදා නියෝග නිකුත් කර තිබිණ.
පුත්තලම – නලීන් හෙන්දුරුගොඩ
