මෙතෙක් ශ්රී ලංකාව දකුණු ආසියානු ක්රීඩා උළෙලකදී දිනූ ඉහළම පදක්කම් සංඛාව වාර්තා කරමින් ඊයේ දිනයේදී 13 වන දකුණු ආසියානු ක්රීඩා උළෙලට නිමාව තැබුවා.උළෙල අවසානයේ ලංකාව රන් පදක්කම් 40 ක්,රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් ලබාගන තුන්වෙනි තැනට පත්වුණා.
මේ වන විට ලක්මව බැබළවූ දිරිය තරුණ ක්රීඩක ක්රීඩිකාවන් මව්බිමට ඇවිත් තියෙනවා. ඔවුන් බණ්ඩාරණායක ගුවන්තොටුපළට පැමිණි අවස්තාවේ ඔවුන්ව පිළිගන්නා ආකාරය වගේම ඒ දක්ෂයන් තමන් මව්බිමට දිනාදුන් පදක්කම් දරාසිටින අවස්තා කිහිපයක් කැමරා ඇසට හසුවී තිබුණේ මෙහෙමයි.
