ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය මේ වනවිට පැවැත්වෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ඉන්දියාවයි.
පළමුව පන්දුවට පහරදීමට ශ්රී ලංකාවට ආරාධනා කළා.
හර්දික් පාන්ඩ්යයාගේ දෙවැනි පන්දුවාරයේදී පළමු පන්දු පහට පිට පිට උපුල් තරංග 4 පහරවල් පහක් ලබාගැනීමට සමත්වුණා.
හතරේ පහර 10 ක් සමග පන්දු 36 කදී අර්ධ ශතකයා ලබාගැනීමට උපුල් තරංග සමත්වුණා.
