ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නව නායකයා පත්කිරීම ලබන 9 වැනිදා සිදුකරන බව ක්රිකට් සභාපතිවරයා පවසනවා.
ඒ අනුව දැනට නායකත්වය දරන තිසර පෙරේරා ඉවත්වන අතර දිනේෂ් චන්දිමාල් හෝ ඇන්ජලෝ මැතිව්ස් නව නායකයා ලෙස පත්කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් ඇන්ජලෝ ආබාධයකට ලක්ව සිටින නිසා නායකත්වය හිමිවීමේ වැඩි ඉඩකඩක් චන්දිමාල්ට ඇති බවටයි වාර්තා වන්නේ.
