තව වසර දෙකකින්වත් නව කොරෝනා වෛරසයට බෙහෙතක් සොයා ගැනීම අපහසු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත ඬේවිඞ් නබෝරෝ ප්‍රකාශ කර තිබේ.
70 හැවිරිදි නබෝරෝ නව කොරෝනා වෛරසය මර්දනය සඳහා පියවර ගැනීමට අදාළව ලෝකයේ රටවලට උපදෙස් ලබා දීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පත් කරන ලද විශේෂ නියෝජිතයින් හයදෙනාගෙන් එක අයෙකි.
මේ ලෝකයේ වෙසෙන සියලූ දෙනාම තව වසර දෙකකවත් මේ වෛරසය හා ජීවත් වීමට හුරු විය යුතු බව හෙතෙම කියයි. එය ලෝකයේ වෙසෙන බිලියන 7.8ක මනුෂ්‍ය වර්ගයාට වඩා වැදගත් පාඩමක් උගන්වනු ඇති බවත් හෙතෙම කියයි.
නබෝරෝ මේ අදහස් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය පුවත්පතක් සමග සාකච්ඡුවකට එක් වෙමිනි.
