Gossip

තවත් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ

කොළඹ සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශවල තවත් පුද්ගලයින් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මහතා සදහන් කළේ, කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් පිරිසක් එලෙස නිරෝධායනයට යොමු කළ බවයි.

මේ අතර පූනානී නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 222 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!