Gossip

තම දියණියව තුන්මස් ගැබිනියක් කර අසමජ්ජාති පියා

තම පාසල් දියණිය තුන්මස් ගැබිනියක කර සැඟව සිටි 59 හැවිරිදි පියෙකු ගම්පොල කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

15 හැවිරිදි මෙම දියණිය අසනීප තත්ත්වයෙන් කුරුඳුවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය ගම්පොල රෝහලට මාරුකර යවා ඇත.

එහිදී සිදුකළ පරීක්‍ෂණවලදී ඇය ගැබිනියක බව හෙළිවීමෙන් පසු රෝහල මගින් ඒ බව කුරුඳුවත්ත පොලිසියට දන්වා ඇත.

ඒ අනුව දැරියගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමේ දී ඇය සඳහන් කර ඇත්තේ තම පෙම්වතා අතින් අතවරයට ලක්වී ඇති බවයි.

පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වුවද එය ඇගේ බොරුවක් බව හෙළිවීම නිසා වෙනත් ක‍්‍රම මගින් පරීක්‍ෂණ අරඹා ඇත.

එහිදී තොරතුරු ලැබී ඇත්තේ මෙම දැරියගේ පියා මෙයට සම්බන්ධ බවය.

ඒ සමගම එම සැකකරු සැඟවී ඇති අතර ඔහු සොයා පරීක්‍ෂණ ඇරැඹීමේ දී ඔහු වටදෙනිය ප‍්‍රදේශයට ගොස් කැලෑබද ප‍්‍රදේශයක සැඟවී සිටියදී ඊයේ අලූයම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය දැරියගේ 57 හැවිරිදි මවද දැන සිට ඇති අතර ඇය මේ බව සඟවා සිටීම නිසා ඔවුන් දෙදෙනාම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව දැරියගේ කටඋත්තර මගින් මෙම කරුණු තහවුරු වී ඇති අතර සැකකාර මව හා පියා ඊයේ ගම්පොල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!