එමාගෙන් අන් අයට වෛරසය ආසාදනය වෙතැයි කනස්සල්ලට පත් ඉතාලි ජාතික හෙදියක් සියදිවි නසා ගැනීමේ ඛේදනීය පුවතක් ඉතාලියෙන් වාර්තා වේ.
එරට ජාතික හෙද පදනම තහවුරු කරන ආකාරයට මෙසේ දිවි නසා ගෙන ඇත්තේ ඩැනියෙලා නම් 34 හැවිරිදි හෙද නිලධාරිනියකි.
කොවිඩ් – 19 වෛරසය දැඩිව ව්‍යාප්තව ඇති ලොම්බාඩි පළාතේ සැන් ජෙරාඩෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරමින් සිටියදී ඇයට වෛරසය ආසාදනය වී ඇත. ‘හෙද පදනම’ නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ පවතින ඛේදනීය තත්ත්වය හමුවේ තමාගෙන් තවත් පුද්ගලයන්ට වෛරසය ආසාදනය වෙතැයි සිතීමෙන් දැඩි ආතතියට පත් ඩැනියෙලා මෙලෙස සිය දිවි නසා ගැනීමට පෙලඹී ඇති බවයි. රෝහල් අධිකාරිය ප්‍රකාශ කර ඇති ආකාරයට පසුගිය මාර්තු 10 වැනිදා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමෙන් අනතුරුව ඇයව ප්‍රතිකාර සඳහා යොමු කොට සිටි බවයි.
පර්යේෂණ වාර්තා සඳහන් කරන ආකාරයට එරට සෞඛ්‍ය සේවකයන්ගෙන් 5760කට වෛරසය ආසාදනය වී ඇත.
