මේවන විටත් මුළු රටම බලන් ඉන්නේ ඉදිරි සති කිහිපයේ දේශපාලනයේ කුමන වෙනසක් සිදුවෙයිද කියලායි?
ඒ වගේම මේ වෙද්දි දේශපාලන වේදිකාවෙන් ඇසෙන දේවල් අනුව ඉදිරියේදී ලොකු වෙනසක් සිදුවෙන බවනම් ගොඩක් අය කියනවා.
කෙසේවෙතත් ලබන සතිය ඇතුලත අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේබව කියලා තියෙනවා.
