කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන සෞඛ්‍ය හා ආර්ථික තත්වයන්ට මුහුණදීම සඳහා අමෙරිකාවට සිදුකෙරෙන සියලූ ආගමන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කටයුතු කර තිබේ.
මේ සඳහා ඊට අදාල විධායක නියෝගයකට ට‍්‍රම්ප් ජනාධිපතිවරයා අත්සන් කර තිබේ.
කොරෝනා වෛරසය නොපෙනෙන සතුරෙකු ලෙස හඳුන්වමින් අමෙරිකානු පුරවැසියන්ගේ රැකියා ආරක්ෂා කිරීමද මෙහි තවත් අරමුණක් බව ජනපතිවරයා පෙන්වා දී තිබේ.
කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මෙම තීරණයට ඇතැම් පිරිස් විරෝධය පළකර තිබේ. වසංගතය භාවිතා කර අගමනයන් නැවත්වීමට ජනාධිපතිවරයා උත්සහ දරන බව ඔවුන් පෙන්වා දී තිබේ.
කොරෝනා වෛරසයේ දැඩි පැතිරීම අවසන් වී ඇති බැවින් රට නැවත විවෘත කරන්නැයි ජනාධිපතිවරයා ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ගෙන් ඉල්ලා සිටිමින් කොරෝනා වසංගතය මැඩපැවැත්වීමෙන් අමෙරිකාවේ ඇතැම් ප‍්‍රදේශ නැවත විවෘත කිරීමට එරට පරිපාලනය උත්සාහ දරන අවස්ථාවේ ජනපතිවරයා මෙම තීරණය ගෙන ඇත.
මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවූ අයහපත් ආර්ථික තත්වය නිසා එරට ලක්ෂ 210 කට පමණ රැකියා අහිමි වී තිබේ.
තම දේශසීමා ඔස්සේ සිදුවන අත්‍යවශ්‍ය නොවන ගමන් සීමා කිරීම අවම වශයෙන් මැයි මස මැද භාගය දක්වා දීර්ඝ කිරීමට අමෙරිකාව මේ වන විටත් කැනඩාව සහ මෙක්සිකෝව සමඟ එකඟ වී ඇත.
යුරෝපයෙන් සහ චීනයෙන් සිදුවන සංචාර දැඩි සීමාකිරීම්වලට ලක්කර ඇති නමුත් තාවකාලික රැකියා වීසා බලපත‍්‍ර හිමි පුද්ගලයින්, ශිෂ්‍යයින් සහ ව්‍යාපාරික සංචාරකයින් ඉන් නිදහස් කර තිබිණි. කෙසේ වෙතත් නව නීති කෙලෙස ක‍්‍රියාත්මක වන්නේද එය කවර ක්ෂේත‍්‍රවලට බලපානේද යන්න ප‍්‍රකාශයට පත්වී නොමැත.
