මහනුවර රන්දෝලි පෙරහැර හැඩකරන්න වේදනා වින්ද ටිකිරි අද උදෑසන රෝගාතුරව බිම ඇද වැටී තිබෙනවා. මේ වන විට ඇගේ වයස අවුරුදු 70 වන අතර ඇය පිළබඳව තායිලන්ත සත්ව අවිහිංසාවාදී ක්රියාකාරිණියක් වන සෙන්ඩුල් චායිලට් විසින් ටිකිරිගේ වැහැරුණු සිරුර සහිත ඡායාරූප පෙළක් “ඛණ්ඩව දින 10 ක් රාත්රී කාලයේදී දැඩි ශබ්දය, ගිනි කෙළි සහ දුමාරය හමුවේ ටිකිරිට කිලෝ මීටර් ගණනාවක් පාද චාරිකාවේ නිරතවීම දුෂ්කර බවත් අලංකාර වස්ත්රාභරණවලින් සැරසූ පසු ඇගේ නෙත්වලින් ගලන කඳුළු කිසිවෙකුටත් නොපෙනෙන” බව පවසමින් අන්තර්ජාලයට මුදා හැරීමත් සමග දැඩි විරෝධයක් ජනතාවගෙන් එල්ලවීම හේතුවෙන් ඇයව
දළදා පෙරහැරෙන් ඉවත් කරන්න බලධාරින්ට සිදුවුණා. නමුත් ටිකිරි වෙනුවෙන් නැගුණු දැඩි විරෝධය පිටු දකින්න බලධාරීන් ඇයට පෙරහැරේ ගමන් කරන්න ශක්තිය ඇති බවත් ඇය නීරෝගී බවත් වශයෙන් විවිධ දේවල් කියලා තිබුණා. නමුත් මේ වන විට ඇය දැඩිව රෝගාතුර වී තිබෙනවා. රෝගී සත්වයකුට වේදනාවක් අත්කරවමින් දළදා පෙරහර පැවැත්වීම හා බලධරයින් මේ ආකාරයෙන් හැසිරීම පිළිබඳව මීට වඩා සොයා බැලිය යුතුයි.
ඇයට ඉක්මන් සුවය පතමු!!!
