Gossip

ටිකිරිගේ නිසල දේහය ළඟට වී හඬා වැටුණු ඇත්ගොව්වා – වීඩියෝ

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පසුගිය දා කථා බහට ලක් වු “කෑගල්ල ටිකිරි“ නම් ඇතින්න මිය ගිය පුවත අපි ඔබට කිව්වා.
මෙම ඇතින්න මිය යන විට වයස අවුරුදු 78ක් පමණ වූ බවයි වාර්තා වුණේ.
කෑගල්ල වනජීවි නිලධාරීන් විසින් මෙම ඇතින්නගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතව ඇති බව වර්තා වනවා.
“ටිකිරිගේ“ අවසන් කටයුතු අද(25) සවස සිදු කිරීමට නියමිතව ඇති අතර අද උදෑසන භික්ෂූන්වහන්සේලා පහලොස් වමක් විසින් පාංශුකූලයද පවත්වන ලැබීය.
දැඩි ලෙස වයස් ගත වීම සහ රෝගී තත්ත්වය හේතුවන් ඇතින්න මියයන්ට ඇති බව වාර්තා වෙයි.
මෙතෙක් කල් ටිකිරි බලාගත් ඇත්ගොව්වා ටිකිරිකගේ නිසල දේහය ළඟට වී හඩා වැටෙන අයුරුද අප කැමරාවේ සටහන් විය.
විශ්ණු දේවාලය නියෝජනය කරමින් මහනුවර රන්දෝලි පෙරහැරේ ගමන් කරයි මෙම ඇතින්න දළඳා පෙරහැරේ ගමන් කරන්නේ වයස අවුරුදු 5 සිටයි.
වයෝවෘධ වූවත් අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසී මෙලෙස මෙවර දළඳා පෙරහැරේද මෙම ඇතින්න ගමන් කළේය.
මෙම ඇතින්න පසුගිය වසරේ පෙරහැරේ ගමන් කළ ඇය ආහාර ජීරණ පද්ධතියේ ඇතිවූ රෝගි තත්ත්වයක් නිසා මාස 6ක් තිස්සේ පීඩාවට පත්ව සිටි ඇති බවද ඇතින්ගේ බාරකරු පැවසුවා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!