කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මැලේරියා බෙහෙතක් වන “හයිඩ්රොක්සික්ලොරෝක්වින් ” යොදා ගැනීමේ හැකියාව පිළිබඳව පැවැත්වෙන සායනික අත්හදාබැලීම් තාවකාලිකව නතර කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තීරණය කර තිබේ ,මෙම තීරණයට හේතු වී ඇත්තේ ඉකුත් සිකුරාදා (22දා ) “ලැන්සෙට් ” වෛද්‍ය සඟරාව විසින් “හයිඩ්රොක්සික්ලොරෝක්වින් ” බෙහෙත ලබා දුන් කොරෝනා ආසාදිතයින් විශාල වශයෙන් මිය යන බවට සිදු කරන ලද ආනාවරණය හේතුවෙනි.
ඉහත කී මැලේරියා බෙහෙත හෝ පරීක්ෂන මට්ටමේ පවතින තවත් බෙහෙත් වර්ග තුනක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගත හැකිද යන්න පිළිබඳව පරික්ෂා කර බැලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව පුරා රටවල් 17කින් තෝරා ගත් ආසාදිතයින් 3500 ක් දෙනා යොදා ගනිමින් “සහෝදරත්වයේ අත්හදාබැලීම ” නමින් වූ සායනික අත්හදා බැලීමක් දියත් කර තිබුණු අතර ඒ අතුරින් “හයිඩ්රොක්සික්ලෝරෝක්වින්” බෙහෙත සම්බන්ධ අත්හදා බැලීම පමණක් මෙසේ තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ. කොරෝනා ආසාදිතයින්ට අදාළ මැලේරියා බෙහෙත භාවිත කිරීමෙන් හොඳකට වඩා සිදු වනුයේ නරකක් බව අනාවරණය වීමත් සමගම සෞඛ්‍ය සංවිධානය එම අත්හදා බැලීම තාවකාලිකව නතර කරන බව ඊයේ (25දා ) ප්‍රකාශ කර තිබේ.
“හයිඩ්රොක්සික්ලොරෝක්වින් ” බෙහෙත කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම බ්‍රසීලයේ ජනාධිපති ජයිර් බෝල්සොනරෝ සිය රටවල සෞඛ්‍ය වෘත්තිකයින්ව පසු ගිය කාලයේ දිරි ගන්වා තිබිණි.
ඒමන්ති මාරඹේ
