ජුලියා වොල්ච්කෝවා වඩාත් ප්‍රසිද්ධ වීදි සිතුවම් ශිල්පිණියක් ලෙසයි.
රුසියානු චිත්‍ර ශිල්පිනියක් වන ඇය කුඩා කාලයේ පටන්ම සිතුවම්කරණයට දක්ෂ තැනැත්කියක් වනවා.
2013 දී ඇය සිය මුල්ම බිතුසිතුවම නිර්මාණය කරනවා.
ඒ යුක්රේනයේදීයි.
ඇය මේ වනවිට රටවල් ගණනාවක සිතුවම් ඇද තිබෙනවා.
රුසියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය, ඩුබායි, ඔස්ට්‍රේලියාව, මෙක්සිකෝව, ඉතාලිය, ස්පාඤ්ඤය, බෙල්ජියම ඒ රටවල් අතර වනවා.
වසර කිහිපයකට ඉහතදී ඇය මැලේසියාවේ කළ සංචාරයකදී ජෝර්ජ්ටවුන් නම් ප්‍රදේශයේ වීදි බැම්මක මහළු ඉන්දීය කාන්තාවකගේ රුවක් සිතුවම් කර තිබෙනවා.
කාලයක් ගිය පසු එම රුව දුර්වර්ණවී විනාශ වී ඇති අතර එම සිතුවම ප්‍රතිසංස්කරණය කිරීමට ජුලියා කටයුතු කර තිබුණේ මෙලෙසින්..
