Gossip

ජීවිත ලක්ෂ ගණනක් උදුරාගත් කොරෝනා වසංගතය හමුවේ ලංකාව සිටින තැන මෙන්න

කොරෝනා වෛරසයේ ව්‍යප්තිය සමග බෝවන රෝග සඳහා ගෝලීය නායකත්ව ප්‍රතිචාර දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පත්ව තිබෙන්නේ 9 වැනි ස්ථානයටයි.
කොවිඩ් -19 අර්බුධය හමුවේ ගෝලීය නායකත්වය ඊට දක්වන ප්‍රතිචාර සහ රටේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට සකසා ඇති GRIDTM දර්ශකය අනුවයි ශ්‍රී ලංකාව 09 වෙනි ස්ථානයට පත්ව ඇත්තේ.
ඕස්ට්‍රේලියානු සහතිකලත් කළමණාකරණ අධිකාරිවරුන්ගේ ආයතනය විසින් මෙය නිකුත් කර තිබෙනවා.
මෙම දර්ශකය අනුව ඉහලින්ම සිටින්නේ නවසීලන්ත අගමැතිවරිය වන ජසින්තා අර්ඩන්.
සිංගප්පුරුව, අයිස්ලන්තය, ඕස්ට්‍රේලියාව, ෆින්ලන්තය, නොර්වේ, කැනඩාව, දකුණු කොරියාව, හොංකොං, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ජපානය එම දර්ශකයට අනුව පිළිවෙලින් ඉහලින් සිටිනවා.
මෙම දර්ශකයට අනුව ඇමරිකාවට හිමිව තිබෙන්නේ 23 වැනි ස්ථානයයි.
අර්බුධකාරී අවස්ථාවලදී රාජ්‍ය නායකයින් තමන්ගේ රටවැසියන් ගේ පොදු යහපත සහ ඉන් ඔබ්බට ගොස් උදෙසා ගෝලීය යහපත උදෙසා ගන්නා ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර ඇති බවයි GRIDTM දර්ශකය නර්මාණය කිරීමේ මුලිකයා වශයෙන් කටයුතු කළ ආචාර්ය ක්‍රිස් ඩිසුසා සඳහන් කර සිටියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!