ජාතියට, ආගමට මෙන්ම සමාජයටද අනුපමේය මෙහෙවරක් ඉටුකළ බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ අපවත්වීමට හේතුව ඇද වැටී ඉලඇට කැඩී යෑමෙන් සිදුවූ තුවාල නිසා කම්පනය, වේදනාව හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයක් බව සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙනවා.
බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පසුගිය තුන්වැනිදා සිදුකෙරුණා.
නාහිමිපානන්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී පී. බී. දසනායක සහ ජ්‍යෙෂ්ඨ චතුර නන්දසිරි යන මහත්වරු විසින් සිදුකළා.
විමලරතන නාහිමියන්ගේ ඉලඇට 9 ක් පමණ කැඩී බිඳී ගොස් තිබූ බවත් දකුණු අතට තුවාල සිදුවී තිබූ බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
