පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලයේ රාජකාරී සදහා පැමිණි පොලිස් නිලධාරියකුට උණ වැළදී තිබීම හේතූවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලය විෂබීජ හරණය කොට ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා කාර්යාලයේ ආරක්ෂක රාජකාරී සදහා පැමිණි පොලිස් නිලධාරියකුට උණ වැළදී තිබීම හේතූවෙන් කොමිෂන් සභා කාර්යාලය මෙලෙස විෂබීජ හරණය කළැයි එහි නිලධාරීයකු පැවසීය.
අදාළ පොලිස් නිලධාරියා පොලිස් රෝහලට යොමු කිරීමෙන් අනතුරුව ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු ඔහුට වයිරස් උණ වැළදී ඇති බවට නිගමනය කොට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී ඔහු රෝහලෙන් මුදාහැර ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
