පළාත් පාලන මැතිවරණයත් සමග ලංකාවේ දේශපාලන වටපිටාවත් තරමක් උණුසුම්කාරී තත්වයක් ඇතිවී තිබෙනවා.
ඊට හේතුව වුණේ පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල ලෙස පරාජයට පත්වීමත් සමගයි.
ඉතින් ලංකාවේ වගේම මේ වෙද්දි දකුණු අප්රිකාවෙත් දේශපාලන වටපිටාව උණුසුම් වෙලා තියෙනවා.
ඒ එරට ජනාධිපති ජේකොබ් සූමාට ඉල්ලා අස්වීම සඳහා එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය පැය 48ක කාලයක් ලබාදීමත් සමගයි.
අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ විධායක කමිටුව පැය 8ක් මුළුල්ලේ පැවැත්වූ රැස්වීමකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.
ජනාධිපතිවරයාගේ වසර 09ක පාලනය කාලය තුළ විශාල මූල්‍ය දූෂණ සිදුවූ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
පක්ෂ නායකත්වය වෙනස් කළ ද ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ නැති නිසා පක්ෂ නායකයන් ඊයේ රැස්වී මෙලෙස ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කිරීමට තීරණය කර තිබෙනවා.
