ජැක්සන් ඇන්තීනී සහ යශෝධා විමලධර්ම කියන්නේ කවුරුත් ආදරය කරන ප්‍රවීන කලාකරුවන් දෙදෙනෙක්.
ඒ වගේම තමයි මේ දෙන්නා හොඳම යාළුවෝ.
ඉතින් ජැක්සන්ගේ අලුත් වැඩක් ගැන යශෝධා සිය මුහුණු පොත හරහා සටහනක් සහ ඡායාරූප කිහිපයක් යොදා තිබෙනවා.
මේ එම සටහන සහ ඡායාරූපයි.
ආදරණීය ජැක්සන් අයියා,
මම ඔබේ පරම්පරාවේ , කලා ශිල්පිණියක් වීම ගැන අද.වෙනදාටත් වඩා සතුටු වෙමි.
මගේ පරම්පරාවේ වීරයා ඔබය මට
දකුණු ආසියාවේ දක්ෂතම රංගධරයා ඔබය මට..
එහෙත් ඔබ අද සැබෑ දිවියෙත් නියම වීරයෙක් බව මම අද පසක් කර ගතිමි.
ඔබ කළ නවතම නිර්මාණය වූ “සී රජ”නම් ශ්‍රේෂ්ඨ නිර්මාණය අව තක්සේරැ කළ විනිසුරැ මඩුල්ල ඉදිරියේ ඔබ කළ අදහස් දැක්වීම අතිශයින් ශ්‍රෙෂ්ඨ මහත්මා ගුණ පළ කෙරිණ.
ඔබගේ හඬෙහි තිබුණු ඒ නිවුණු බව ,සෘජු බව සහ නොසැලුණු බව ඔබ කොතරම් ශ්‍රේෂ්ඨ කලාකරැවෙකුදැයි සියලුදෙනාටම.පසක් කර දුන්නේය.
ඔබ නොසැලී ඉදිරියටම යන ගමන කිසිම ජගතෙකුට නවතා ලිය නොහැකි බව ඒකාන්තයි.!
ජැක්සන් ඇන්තනි නම් ඒ ශ්‍රේෂ්ඨ කලාකරැවාට .
සැබෑ වීරයාට මගේ ආචාරය.
යශෝදා විමලධර්ම
2018.04.09