ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වයිරසය වැළැදී ඇතැයි සදහන් කරමින් සමාජජාලවල අසත්‍ය ප්‍රචාර සිදුකළැයි කියන නර්තන ශිල්පිනියක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්ථිරවම කොරෝනා වයිරසය වැළැදී ඇතැයි සදහන් කරමින් ඇය සිය මුහුණු පොතේ සටහනක් නිර්මාණය කර පලකර තිබෙනවා.
අසත්‍යයක් ප්‍රචාරය කර පරිගණක පනතේ වරදක් සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාරිය ඊයේ (05) අත්අඩංගුවට ගෙන අද (06) අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෞද්ගලික නර්තන ආයතනයක අධ්‍යක්ෂිකාවක වන වාද්දුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක කාන්තාවක්.
උපුටා ගැනීම – අරුණ පුවත්ත
