මධූෂා රාමසිංහ කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන චරිතයක් වෙලා.
ඉතින් ආයෙත් මධූෂාගේ කතාවක් ගැන සමාජජාල මාධ්‍යයන්වල කතාවෙන්න පටන් අරන් තියෙනවා.
මධූෂා රාමසිංහ මෙවර පොදුජන පෙරමුණෙන් ඡන්ද සටනට පිවිසෙන්න හැදුවත් පක්ෂයෙන් ඊට අනුමැතිය ලැබුණේ නැහැ.
මේ නිසා මධූෂා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශයක් තමයි කතාබහට ලක්වෙලා තියෙන්නේ.
එම ප්‍රකාශයයි මේ.
“ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් නොදෙනවානම් ඡන්දෙට කළින්දා පිටකොටුවේ ස්ටේෂන්එක ඉස්සරහා නිරුවතින් උද්ඝෝෂණය කරනවා.එකෙන් මහින්දගේ ඡන්ද ලක්ෂ 10ක් කඩනවා.මහින්දට පාරේ බැහැල යන්න බැරිවෙන්න වැඩ කරනවා.මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ තනියෙන් උද්ඝෝෂණය කරපු මට ඕක මහ කජ්ජක් නෙමෙයි.ඒවගේම ලෝකේ ගොඩක් රටවල්වල ෆෙමිනිස්ට් කාන්තාවන් නිරුවතින් උද්ඝෝෂණය කරනවා.මේ රටේ මෝඩ ලිං මැඩියන්ට නම් ඕක අලුත් දෙයක්”
