Gossip News

චෙන්නායි සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙක් අද දිවයිනට

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  විශේෂ ගුවන් යානයක් අද (12) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් චෙන්නායි බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1121 දරන එම විශේෂ ගුවන් යානය අද උදෑසන 7.25 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය. වෙනත් ගුවන් මගීන් නොමැතිව , ගුවන් යානා කාර්යය මණ්ඩලය පමණක් ගුවන් යානයෙන් චෙන්නායි බලා ගමන් ගත්හ.

මෙම ගුවන් යානය , මෙම ගුවන් මගීන් පිරිස ද රැගෙන යළි ආපසු අද (12) දහවල් 11.25 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!